සැමට විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 104: සංවර්ධනය(Development)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

ආර්ථික ක්ෂේත්‍රයේ දී ‘සංවර්ධනය’ යන පදය යෙදෙන්නේ යැපුම් කෘෂිකර්මාන්තය මත රැඳී සිටින වඩාත් දුගී සමාජයන්, නූතන කාර්මිකෘත ආර්ථිකයන් බවට පරිවර්තනය වන්නාවු කාර්ය දාමය හැඟවීමටයි. සංවර්ධනය, ආර්ථික වර්ධනය යන්නට  ඇතැම්විට සමාන ලෙස ගැනුණද සංවර්ධනය යන්න සාමාන්‍යයෙන් සැලකෙන්නේ ව්‍යුහාත්මක පරිණාමනය නැතිනම් පරිවර්තනයයි. එහෙයින්, ඊට අදාළව ඇතිවන වෙනස්කම් ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක ද වේ.

Related image

යුරෝපියානු යටත් විජිතවාද සමය නිමාවීමට පටන්ගත් දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයේ සිට සංවර්ධනය අන්තර්ජාතික ප්‍රස්තූතයක් ලෙස පවති.  දේශපාලන බල තුලනය  එහාමෙහා වුවද, සිය නිෂ්පාදිත භාණ්ඩ වෙනුවෙන්  පිටරට වෙළඳපොල පවත්වාගෙන යාම සඳහාත්  එමෙන්ම ස්වභාවික සම්පත් සහ කෘෂිකාර්මික භාණ්ඩ අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහාත් උත්සුක වෙමින් සංවර්ධිත රටවල් තවදුරටත් සිය පැරණි යටත් විජිත මත ආර්ථික වශයෙන් සිය ආධිපත්‍යය පතුරුවා ගෙන සිටියි.  ආධාර බොහෝවිට ප්‍රදානය සපයන රටේ ආර්ථික අභිවෘද්ධියට — තවද විශේෂයෙන්ම නිරවි යුද සමයේදී එම රටෙහි දේශපාලන වුවමනාවන්ට ද   සම්බන්ධ කෙරිණ. වසර ගණනාවක් මුලුල්ලේ ලෝකයෙන් පහෙන් එකක් පොහොසත් රටවලින් සමන්විත වූ අතර පහෙන් හතරක් දුප්පත් බවින් පැවතිණ.

Related image

නිරවි යුද්ධය නිමාවීමත් සමගම චිත්‍රය වෙනස් වන්නට විය. චීනය වැනි රටවල් සමාජවාදී අදහස් වල අණසකට යටත් ආර්ථික ක්‍රමයන් අත්හැර දමා සීඝ්‍ර ආර්ථික වර්ධන ක්‍රියාදාමයක් පටන් ගත්තේය. අද ලෝකය ගතහොත්, පහෙන් එකක් තවදුරටත් පොහොසත්ව  පවතින අතර පහෙන් තුනක් ඉස්මතුවෙමින්, කාර්මීකරණය වෙමින් පවතින අතර ඉහත කී පහෙන් එකට  වේගයෙන්  සමීප වෙමින් පවති.  තවමත් ලෝකයෙන් පහෙන් එකක් (විශේෂයෙන්ම සහරාවෙන් දකුණේ අප්‍රිකානු රටවල්) දුප්පත්ව පවතී.  එවැනි රටවල සංවර්ධනය අඩපණ කරන විවිධ සාධක හඳුනා ගනු ලැබ ඇත. සිවිල් යුද්ධ, දුර්වල නායකත්වය, දූෂණය සහ ඛ්නිජ තෙල් හෝ  දියමන්ති වැනි එක් තනි ස්වභාවික සම්පතක් මතම වුවමනාවට වඩා රඳා පැවැත්ම මේ සාධක අතර වේ.

Image result for un millennium development goals

2001 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘සහස්‍ර සංවර්ධන ඉලක්ක’ අටක් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණියේය. මෙවා මගින් අත්පත් කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක අතර: සාගින්න සහ අන්ත දුගීදුප්පත් බව තුරන් කිරීම; සැමට මූලික අධ්‍යාපනය; ලිංගික සමානතවය සහ කාන්තාව සවිබලගැන්වීම;ළමා මර්ත්‍යතාවය(= මරණ) අඩුකිරීම;  මාතෘ සෞඛ්‍යය නංවාලීම;  එචයිවී/ඒඩ්ස්(HIV/AIDS ), මැලේරියා සහ අනෙකුත් රෝග වලට එරෙහි ඵලදායී පියවර ගැනීම; පරිසරාත්මක තිරසාරභාවය; සහ සංවර්ධානය සඳහා ගෝලීය හවුලක් වෙයී. මේ ඉලක්ක සියල්ල 2015 වන විට  සපුරා ගැනීමට අපේක්ෂා කෙරුණු  නමුත් ප්‍රගතිය මන්දගාමී බව පසක් වී තිබේ.

(වර්ධනය සහ සංවර්ධනය අප බොහෝවිට  එකම අරුත ගෙනෙන අයුරින් යොදන්නෙමු. අද අප සාකච්ඡා කළේ සංවර්ධනය ගැනයි. සංකල්ප සාර සංග්‍රහය 103 න් අප ඉදිරිපත් කළේ වර්ධනය යන මාතෘකාවයි. දෙකෙහි සමාන අසමාන කම් සොයා බැලිම සඳහා එම ලිපිය මෙතැනින් කියවන්න — සංස්කාරක)

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන DEVELOPMENT යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: