දේශගුණ විපර්යාසයන්ට අඩුවෙන්ම දායක වෙන්නේ දුප්පත් රට්වල්ය. එහෙත්, එහි බලපෑමෙන් වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ ද එම රටවල්ය මය. දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම් මගහරවා ගැනීම සඳහා දුප්පත් රටවලට වැඩියෙන් ආධාර අවශ්‍ය බවට මෙයට සති ??? පෙර අවසන් වූ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස 26වැනි සමුළුවේ දී ලෝකයේ පොහොසත්ම රටවල් එකගත්වයකට පැමිණියේය. මෙයට කලින් 2009 වර්ෂයේ කෝපෙන්හේගන් හි දී පැවති COP!5 දී දුප්පත්ම රටවල දේශගුන අරමුදල් වශයෙන් ලබාදීමට පොහොසත්ම රටවල ප්‍රතිඥා දුන්නේය. ඒ 2020 සිට 2025 දක්වා වසරකට අඩුම තරමින් ඩොලර් බිලියන 100ක් පමණ වනසේය. බිලියන 100ක් යනු කදිම, රවුම් ගණනකි. එහෙත් ප්‍රතිඥාවෙන් පසුව ගතවූ අතර තුර කාලයේ දී අරමුණු සපෞරා ගැනීම එතරම් සරල, මනරම් කාර්යයක් බවට පත්වී නැත. විශේෂයෙන්ම, 2020 ම් උල සිට චොවිඩ් 19 ගෝලීය වසංගතය ව්‍යාප්තවීමත් සමග සංවර්ධනය වෙන රටවල් වෙත සැපයෙන දේශගුන ආධාර හීනවන්නට විය.

ප්‍රදායකයන් සිරිතක් වශයෙන්, සැබෑවට සිදු කරන ප්‍රදානයන් පිම්බීමට ක්‍රියා කරන බව ප්‍රකට කරුණකි. “දේශගුන ක්‍රියාවන්” යන්නට ගැනෙන කුමණ ආකාරයේ ව්‍යාපෘති ද යන්න ගැන පිළිගත් ප්‍රමිතියක් හෝ සම්මතයක් නොමැත. එපමනක් ද නොව 2019 වර්ෂයේ දී ධනවත් රටවල අරමුදල්වල වටිනාකාම බිලියන 80කට මදක් අඩුවිය. අර මුදල් ප්‍රදානය කරන අන්දම අන්වේෂණය කිරීමේ ගටළු හේතුවෙන් ගෝලීය දායක මුදල් නිර්ණය කිරීමේ දී දළවශයෙන් වසර දෙකක පමාවක් පවතී.

ප්‍රතිඥා දුන් මුදල් ද අනුවර්තනය සහ ශමනය සඳහා වූ ව්‍යපෘති අතර 50ට 50 ලෙස බේදී යතැයි අපේක්ෂිත විය. ඒ කියන්නේ, දේශගුණ විපර්යාසයන්ට හැඩගැහෙන ජීවන පද්ධති හා ක්‍රමවේද අතර හා හරිතාගාර වායු අඩුකිරීම සහ මගහැරීම අතර මාරුවෙන් මාරුවට දෝලනය වීමයි.එහෙත් මේ මොහොතේ මෙම බෙදීම අනුවර්තනයට 25%ක් ශමනයට 75%ක් ලෙසිනි. මෙහි තේරුම නම්, සංවර්ධනයවෙන රටවල ජනතාව මුහුදු මට්ටම් ඉහළ යාම, ගංවතුර ගැලීම, සැඩ කුණාටු, ඉහළ උෂ්ණත්ව සහ ඉඩෝරයන්ගෙන් ප්‍රමාණවත්ව ආරක්ෂිත නොවන බවයි.
මේ තත්ත්වය යටතේ “ලොවින් තුනෙන් එකක් සත්‍යවශයෙන්ම සශ්‍රීක වෙද්දී ඉතිරි තුනෙන් දෙක බියෙන් පසුවීමට සහ විපත්හි, ආපදාවන්ට මුහුණ දීමට සිදුව ඇත්නම් සාමය හා සෞභාග්‍ය කෙසේ නම් උදා වේවිද?” COP26 ආරම්භක උත්සවයේ දී බාබඩෝස් අගමැතිනි මියා මොට්ලි ප්‍රශ්න කිරීම පුදුමයක් නොවෙයි.
වොෂිංග්ටනය පාදක කර ගත්, ලාභ නොපතන ගෝලීය පර්යේෂණ ආයතනයක් වූ ජගත් සම්පත් ආයතනය (World Resources Institute – WRI) සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුන අරමුදල් යෙදවීම සම්බන්ධයෙන් මෑතක සිදුකෙරුණු අධ්‍යනයකට අනුව, හරිතාගාර වායු අඩුකිරීමේ සිය ජාතික ඉලක්ක සපුරා ගනු වස් කොපමණ මුදලක් අවශ්‍යදැයි වාර්තා කර ඇත්තේ පැරිස් සම්මුතියට අත්සන් තැබූ සංවර්ධනය වන රටවල් අතුරෙන් අඩකටත් අඩු සංඛ්‍යාවකි. මේ අතර, දේශගුණ විපර්යාසයන් හේතුවෙන් ඇතිවන අවාසනාවන්ත තත්ත්වයන්ට අනුරූපව හැඩ ගැසීම පිණිස අවශ්‍යවන අරමුදල් තක්සේරු කිරීමට උනන්දුවක් දක්වා ඇත්තේ එම රටවල් අතුරෙන් හතරෙන් එකකටත් අඩුවෙනි. රටවල් 17 ක දත්ත විශ්ලේෂණය කළ එම අධ්‍යයනයෙන් පෙන්වා දෙනු ලැබුයේ දේශගුන අරමුදල් සැපයීම ආවේක්ෂණය සඳහා සංවර්ධනයවන රටවලට වඩාත් හොඳ යාන්ත්‍රණ අවශ්‍යවන බවයි.
අඩුවෙන්ම සංවර්ධිත රටවල් දේශගුනික විපත්වලට අනුවර්තනය වීමට ඕනෑ කරන උපයෝජන අරමුදල්(adaptation funding ) වශයෙන් වර්තමාන තත්ත්වය ගතහොත්, වසරකට ඩොලර් බිලියන 70 ක් අවශ්‍යවන්නේ යයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සකස් කළ මෑතක වාර්තාවක් පෙන්වා දෙයි. සැඩ් කුණාටු, ගංවතුර සහ අනෙකුත් දේශගුන් ආශ්‍රිත ස්වභාවික විපත්වල තද බව සළකන විට, එම ප්‍රමාණය 2030 වනවිට ඩොලර් 140ත් 300ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යනු ඇත.
මෙහිදී වැදගත් වන්නේ සපයන අරමුදල් ප්‍රමාණයම පමණක් නොවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. වසරකට ඩොලර් බිලියන 100ක ප්‍රමාණය සම්බන්ධයෙන් පොහොසත් රටවල් සම්මුතියකට එළඹෙද්දී, ඉන් කොපමන ප්‍රමානයක් ආපසු ගෙවීම අවශ්‍ය නොවන ප්‍රදානයන් ද ණය මුදල කොපමණ ද යන්න ගැන සඳහනක් නොකෙරිණ.
ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහාවූ සංවිධානය(Organization of Economic Co-operation and Development ) 2019 සිදු කළ තක්සේරුවකට අනුව ප්‍රදානයන් ඩොලර් බිලියන 16.7ක් වූ අතර ණය බිලියන 44.5ක් විය. අන්තර් ජාතික සමස්ථ දේශගුන අරමුදල් වලින් සියයට 71ක් ණය වශයෙන් පවතින බව ද එම සංවිධානය පෙන්වාදෙයි. මෙහි දී ණය සැපයීමට වැඩි කැමැත්ත වැඩිකොටම ලාභ අපේක්ෂාවෙන් මෙහෙයවනු ලැබූවක් විය.
” ආපාදවන්ට සෙත සැලසීම අරමුණු කරගත්, ප්‍රතිලාභ ඉපැයීමේ අඩු අවස්ථා සහිත ව්‍යාපෘති වලට් වඩා ආයෝජනය මත ලාභ ඉපයීමට සමත්වන ව්‍යාපෘති කෙරෙහි ආයොජකයන් වඩාත් ආකර්ෂණය වෙනවා” යයි (කලින් දැක්වූ) WRI අධ්‍යනයේ සම කතෘ මොලි කෝල්වෙල්ල් කියා සිටියි.

ප්‍රදාන වශයෙන් වැඩි කොටසක් සපයන ලෙස සහ ණය ආපසු ගෙවීමේ යම් සහන ලබා දෙන ලෙස සංවර්ධනයවන රටවල් COP26 රාජ්‍ය නායක සමුළුවේ දී ඉල්ලීම් ඉදිරිපත් කළේය. මන්ද, තවදුරටත් ණය ගැනීමෙන් ඔවුන් දැනටත් මුහුණ පා සිටින අධික ණය බර තව තවත් වැඩිවන හෙයිනි. 2021 සහ 2025 අතර තුර සංවර්ධනය වෙන රටවල් දළ ණය වශයෙන් ඩොලර් බිලියන 598 ගෙවීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්හේ සංවර්ධන වැඩසටහනෙහි වාර්තාවක් මගින් තක්සේරු කර තිබුණි. ප්‍රදාන වශයෙන් වැඩි කොටසක් ලැබුණොත් අනුවර්තන ව්‍යාපෘති වැඩියෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවේ.
2025 වනවිට අනුවර්තන ව්‍යාපෘති වෙනුවෙන් වාර්ෂිකව සපයන අරමුදල් ඩොලර් බිලියන 40 බැගින් වන සේ දෙගුණ කිරීමට COP26 රාජ්‍ය නායක සමුළුවේ දී පොහොසත් පාර්ශව එකඟත්වය පළ කළේය. කෙසේවෙතත්, ප්‍රදායකයන් සිය සබෑ දායකත්වය සියයට 47කින් පමණ වැඩි කොට වාර්තා කරන බව ලන්ඩනයේ පිහිට් පර්යේෂණ ආයතනයක් වන පරිසරය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ආයතනයේ(International Institute for Environment and Development) අධ්‍යනයක් පෙන්නුම් කරයි. 2014 සිට 2018 දක්වා ඩොලර් බිලියන 34.9ක මුදලක් අනුවර්තනයට අදාල සංවර්ධන මූල්‍ය පහසුව සඳහා අඩුවෙන්ම සංවර්ධිත රටවලට සපයන ලදැයි ප්‍රදාන සපයන රටවල් වාර්තා කර ඇත. එහෙත්, මූලික අවධානය අනුවර්තනය වෙත යොමුවූ ව්‍යාපෘති වෙනුවෙන් ඉන් වැය කර ඇත්තේ ඩොලර් බිලියන 5.9ක් පමනක් බව අධ්‍යනය හෙළි කළේය.
දේශගුන කටයුතු වෙනුවෙන් කරන වියහියදම් අතරට සෞඛ්‍ය සඳහා වන වැයකිරීම් ද ඇතුළත් කිරීමෙන් ඇතැම් රටවල් දේශගුනය සඳහා වැඩියෙන් වියදම් කරන බවක් පෙන්නුම් කළ ද ඇත්තවශයෙන්ම, කොවිඩ් 19 ගෝලීය වසංගතය සංවර්ධනය වන ලෝකය පුරා ඇතිකොට තිබෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ බලපෑමකි. කොවිඩ් වසංගතයට අදාල වියදම් පියවීම සහ ආදායම් අඩුවී යාමට මුහුණ දීම සඳහා ‘ දේශගුනයට අදාල අංශ බොහොමයක් වෙනුවෙන් තිබූ අරමුදල් වැය කිරීමට පරීක්ෂණයට ලක් කළ රටවල් 17න් 10කට සිදුවූ බව’ WRI අධ්‍යනය දක්වයි. පොහොසත් රටවලින් එන දේශගුන අරමුදල් ද ‘ 2019 සියයට 25, 2020 වෙද්දී සියයට 17 දක්වා අඩුවිය’ යි එහි වැඩිදුරටත් දැක්වේ. අරමුදල් හීන කිරීමට අමතරව, සෞඛ්‍ය ආරක්ෂක හේතු නිසා දේශගුන ව්‍යාපෘති ඉදිරියට යාම ගෝලීය වසංගතය මගින් අඩපණ කරන ලදී. දෙශගුන විදේශ ආධාර ගෝලීය වසංගතයට අදාල කටයුතු සඳහා යොදවන ලෙසට ද ඇතැම් රටවල් ඉල්ලා සිටින්නට විය.
ග්ලැස්ගෝ වලදී නිමාව දුටු COP26 ඉහළ පෙලේ සමුළුවේ දී අනුවර්තන ව්‍යාපෘති වෙනුවෙන් වූ ආධාර වැඩි කර ගැනීමට සංවර්ධනයවෙමින් පවතින රටවල් සමත් වුව ද, තවත් මූල්‍ය අර්බූදයක් දර්ශන පථයෙහි දිස්වේ. අනුවර්තනය සඳහා දැන් පාමාවූවා වැඩි බව සමුළුවේ දි කියා සිටි අඩුවෙන්ම සංවර්ධිත රටවල නියෝජිතයෝ පෙන්වා දුන්නේ තම ජීවිත වෙනත් ස්ථානවල දී යළිගොඩ නගා ගැනීම පිණිස මුදල් සිය රටවල ජනතාවගෙන් වැඩි පිරිසකට අවශ්‍ය වන බවයි. මේ සංකල්පයට වෙන කවරදාකටත් වඩා අවධානය් COP26 සමුළුවේ දී යොමු වුව ද වගකීම මගහරිනු වස් පොහොසත් රටවල් යෝජනාව පසෙකට තල්ලු කර ඇත.
කෙසේවෙතත්, බංග්ලාදේශය පාදක කරගත් පරිසර සංවිධානයක් වන, දේශගුන විපර්යාසයන් සහ සංවර්ධනය සඳහාවූ අන්තර ජාතික මධ්‍යස්ථනයේ(International Centre for Climate Change and Development) අධ්‍යක්ෂ සලීම් උල් හක් ඊට නව මානයක් එක් කරයි: ” අවදානමට පාත්‍රව සිටින සංවර්ධනයවන රටවල ඉල්ලීම් COP26 දී හෑල්ලුවට ලක් වුනා. ඒත් එහෙමයි කියලා අපේ සටන අත් අරීන්නේ නැහැ. COP27 දි අපි තවත් බලවත්ව ඉදිරිපත් වෙනවා.”
Inside Climate News(ICN) හී පලව ඇති At COP26, a Consensus That Developing Nations Need Far More Help Countering Climate Change යන ලිපිය අසුරෙනි