මිනිස් ජීවියා : චර්යාව කෙරෙහි සාංස්කෘතික බලපෑම් II කොටස

Posted by

ජීව විශේෂයක් ලෙස ගත් කල. අප අනෙකුත් මිනිසුන්ගේ සමාගමෙහි අපගේ  ජීවිතය ගෙවා දමන සමාජ ජීවියෙකි. එඬේර කණ්ඩායම්, ගම්, පුරවර, රටවල් වැනි  විවිධ ආකාරයේ සමාජමය කණ්ඩායම් වශයෙන් අපි සංවිධාන වන්නෙමු. අප කටයුතු කරගෙන යන්නේ, වෙළහෙළඳාම් කරන්නේ, කී‍්‍රඩා කරන්නේ, ප‍්‍රජනනය කරන්නේ සහ වෙනත් බොහෝ ආකාරවලින් අන්තර් කි‍්‍රයා කරන්නේ එම සමාජ කණ්ඩායම් තුළය. අනෙකුත් සත්ව විශේෂමෙන් නොව අපි සමාජීය චර්යාවෙහි සහ සංවිධානයෙහි   ඕනෑකමින් සිදු කරන වෙනස්කම් සමග සමාජානුයෝජනය(සමාජයට හැඩගැසීම ) කලක් ගත වන විට එක්කරන්නෙමු. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මානව සමාජයේ හැඩතල නැතිනම් රටා  තැනින් තැනටයුගයෙන් යුගයට සහ සංස්කෘතීන් අතර වෙනස්කම් දක්වන්නේ සමාජයීය ලෝකය ඉතා සංකීර්ණ මෙන්ම ගතික පරිසරයක් බවට පත්කරවමිනි.

මානව චාර්යාව පිළිබඳ අන්තර් ඥානය, මූලයන් බොහොමයකින් පැමිණේ. මේ ලිපි මාලාවෙන් අදහස් ඉදිරිපත් කෙරෙන්නේ  ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක සොයා බැලීම පදනම් කරගෙනය. මූලිකවම එසේ වුවද, සාහිත්‍යය, නාට්‍යය, දර්ශනවාදය සහ අනෙකුත් විද්‍යා නොවන ශික්ෂණයන්ද අප ගැන අපට තිබෙන අවබෝධය කෙරෙහි කැපී පෙනෙන ආකාරයට දායක වෙයි. සමාජ විද්‍යාඥයෝ ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවේශයන් යොදා ගනිමින් විවිධ සංස්කෘතික දේශපාලනික ආර්ථික සහ මනෝවිද්‍යාත්මක පර්යාලෝකයන්ගෙන් මානව චර්යාව අධ්‍යයනය කරති. පුද්ගලයන් මෙන්ම සමාජ චර්යාවන්හි සමානුයෝගී රටා මෙන්ම එම රටාවල විද්‍යානුකුල පැහැදිලි කිරීම් ඔවුහු සොයා බලති. ඒවා, බොහෝ දෙනා සවිඤ්ඤානකව ලෝකය ගැන සිතූ ආකාරයෙහි කොටසක් නොවීමට  ඉඩ ඇතත් සමහර අවස්ථාවල එවැනි රටා පෙන්වා දුන් කල ඒවා දැබසිටි බවක් හුරු බවක් පෙනී යන්නේය. අනෙක් අවස්ථාවලදී මෙම රටා විද්‍යානුකූල පරීක්ෂණ මගින් හෙළිදරව් කෙරුණු රටා ලෙස  මානව චර්යාඑරි ඇතැම් අංග සම්බන්ධයෙන් ජනයා බොහෝ කල් තිස්සේ දරා සිටින විශ්වාසයන් වැරදි බව පෙන්වා දෙනු ඇත.

මෙම පරිච්ඡ්දයේදී මානව සමාජයේ කේන්ද්‍රීය පැතිකඩ හතක් ගැන විස්තර කෙරේ.

Related image

චර්යාව කෙරෙහි සාංස්කෘතික බලපෑම් II කොටස

පුද්ගලයින් උපත ලබන පන්තිය, ඔවුන් ළමයින් වශයෙන් ගත කරන කාලයේ ඔවුන් භාවිත කරනා භාෂාව, භෝජන, රුචිකත්වය සහ ඔවුන්ගේ ලැදිකම් කෙරෙහි බලපාන අතර එහෙයින්ම සමාජයීය ලෝකය ඔවුන් තේරුම් ගන්නා ආකාරය කෙරෙහිද බලපෑමක් ඇති කරයි. එපමණක් නොව, පුද්ගලයන්ට අත් විඳිමට සිදුවන්නේ කුමන පීඩනයන්ද මෙන්ම අත්වන්නෙ කුමන    ප‍්‍රස්ථා ද යන්න කෙරෙහිද බලපායි. ඒ හේතුව නිසාම පාසල් අධ්‍යාපනය, රැකියාව, විවාහය සහ ජීවන මට්ටම ඇතුළුව ඔවුන්ගේ ජීවිත ගමන් මග කෙරෙහි බලපෑම් ඇති කරයි. එය එසේ වුවද. බොහෝ දෙනා ගතකරන්නේ සිය පන්තියේ ප‍්‍රතිමානවලට නැතිනම් සම්මතයන්ට බොහෝ සේ වෙනත් ජීවිතයන්ය.

සිය සමාජ පන්තිය වෙනස් කිරීමට කෙනෙකුට ඇති පහසුව කාලය සහ ස්ථානය අනුව බොහෝ සේ වෙනස් විය හැකිය. මානව ඉතිහාසය පුරාවට වැඩි කාලයක් සිදුවී ඇත්තේ පුද්ගලයන්, බොහෝ කොට තමන් උපත ලබන පන්තිය තුළම  ඉපදී මිය යාමයි. සිය පන්තියෙන් ඉහළට ගමන් කිරීමට වැඩිම අවස්ථා ඇතිවන්නේ යම් සමාජයක් අලූතෙන් ව්‍යවඩායන් නැත්නම් වැඩ සටහන් (නිදසුන්, භූමි ප‍්‍රදේශය සම්බන්ධයෙන් තාක්ෂණය සම්බන්ධයෙන්) කි‍්‍රයාවට නංවන විට වන අතරම එසේ  කි‍්‍රයාවට නංවද්දී ඉහළ පන්තියේ රක්ෂාවල් සඳහා පිරිස් අවශ්‍ය වන විටදීය. අදටත් ලෝකයේ ඇතැම් කොටස් තුළ එන්ට එන්ටම වැඩිවන පිරිසක් ආර්ථික හෝ අධ්‍යාපනික ඉඩ ප‍්‍රස්ථා මාර්ගයෙන් දුප්පත්කමෙන් මිදෙන අතර එන්ට එන්ටම වැඩිවන තවත් කොටසක්  දුප්පත්කමට ඇද වැටෙති.

Related image

පිළිගත හැකි මනුෂ්‍ය චර්යාව යන්න සංස්කෘතියෙන් සංස්කෘතිය, එමෙන්ම කාලයෙන්   කාලය අනුව වෙනස් වේ. සෑම සමාජ කණ්ඩායමක්ම තම සමාජිකයන් වෙනුවෙන් පොදුවෙ පිළිගත හැකි යම් චර්යා පරාසයක් තිබෙන අතර බාගදා වැඩිහිටියන් හා ළමුන් ස්තී‍්‍රන් සහ පුරුෂයන් කලාකරුවන් මෙන්ම මලලකී‍්‍රඩකයන් වැනි උප කණ්ඩායම්  වෙනුවෙන් ඇතැම් විශේෂිත ප‍්‍රමිතීන් තිබිය හැකිය. අසාමාන්‍ය චර්යාවන් එක්කෝ හුදෙක් සෙස්සන්ගේ අවධානය ඇදගන්නක් පමණක් ලෙස  හෝ පහත් රුචිය දනවන්නක් ලෙස නැතිනම් දඬුවම් ලැබිය හැකි සාපරාධි කි‍්‍රයාවක් ලෙස වුව සැලකිය හැකිය. එක් සංස්කෘතියක් තුළ සාමාන්‍යය සේ සැලකෙන චර්යාවක් වෙනත් සංස්කෘතියක දී පිළිනොගන්නන් විය හැකිය. නිදසුනක් ලෙස දක්වන්නේ නම් ආක‍්‍රමණශීලී තරඟකාරි හැරිසිරීම, අතිශය සයහෝගීතාවෙන් යුතු සංස්කාතියකදී අශිෂ්ට ලෙස සැලකිය හැකිය. මීට පටහැනිව, එක්සත් ජනපදයේ පවතින්නාක් වැනි ඇතැම් උප කණ්ඩායම් අතර දැකිය හැකි අතිශය තරඟකාරී සමාජයක උප සංස්කෘතීන් තුළ තරගය කෙරෙහි දක්වන උදාසීනත්වය කෙනෙකුට නොගැලපෙන්නක් ලෙස දැකිය හැකිය.  මේ ලෝකය තුළ අතිශය පුළුල් සංස්කෘතික සම්ප‍්‍රදායන් ඇතත්, ඇතැම් චර්යා වර්ග (නිදසුන්: ලේ නෑයන් අතර ලිංගික සම්බෝගය, ඥාතීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, සොරකම සහ ස්තී‍්‍ර දූෂණය) ඒ සියලු සංස්කෘතීන් තුළම  පාහේ පිළිගත නොහැකි ලෙස සැලකේ.

Image result for unaccepted behaviuors of people

පිළිගත නොහැකි චර්යාවන්ට ගැලපේ යයි සැලකෙන සමාජ ඵලවිපාක විවිධ සමාජ සමාජ අතර පමණක් නොව සමාජයන් ඇතුළතම පවා ඉතා පුළුල් අන්දමින් වෙනස් විය හකිවේ. අපරාධකරුවන්ට එරෙහි දඩුවම් පරාසය ගෙන බලමු. එය දඩ ගැසීම හෝ අවමානයට ලක්කිරීම හෝ සිරගත කිරීම හෝ පිටුවහල් කිරීම හෝ ශාරීරික පහරදීම හෝ සිට අත් පා සිඳ දැමීම හෝ මරණයට පත්කිරීම හෝ දක්වා පරාසයක් ගත හැකිය. ගැළපෙන දඬුවම් ස්වරූපය කෙරෙහි බලපාන්නේ අපරාධය වැළැක්වීම හෝ පුද්ගලය එම වරදම නැවත සිදුකිරීම වැළැක්වීම හෝ අධෛර්ය කිරීම නැතහොත් එම අරපාධය වෙනත් අයවලූන් විසින් සිදු කරනු ලැබීම අධෛර්යයට පත්කිරීම නැතහොත් හුදෙක් පළදීම සලකා ගැහැටට පත්කිරීම ලෙස යනාදී වශයෙන්  දඬුවමේ අරමුණ හෙවත් පරමාර්ථයයි. අපරාධ අධෛර්යයට පත්කිරීමෙ අර්මුණින්  දඬුවම් ලබාදීම කෙතෙක් සාර්ථක දැයි අධ්‍යයනය කිරීම පහසු නැත. එක සමාන අපරාධකරුවන්ට එකිනෙකට වෙනස් දඬුවම් පැවරිම සම්බන්ධයෙන් පර්යේෂන නැතිනම් සම්පරීක්ෂණ පිළිබඳව ඇති සදාචාරාත්මක සීමා ඊට අර්ධ වශයෙන් හේතුවේ. අනෙක් හේතුව වන්නේ බාහිර සාධක වෙනස් නොවී එකාකාරව පවත්වාගෙන යාමේ අපහසුවයි.

Related image

තාක්ෂණය, මනුෂ්‍යයාගේ චර්යාව කෙරෙහි දිගුකාලයක් තිස්සේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.  ලෝකයේ බොහෝ පළාත්වල නව තාක්ෂණික සොයාගැනීම් හෝ නිර්මාණ මත තබා ඇති අධික වටිනාකම, එන්ට එන්ටම වේගවත් වන එමෙන්ම ලාභදායි වන සන්නිවේදනයට හෝ සංචාරයට මග පාදා ඇත. මේ මග පෑදීම ඉන් අනතුරුව, ඇඳුම්-පැළඳුම් සම්බන්ධ විලාසිතා හා අදහස්  මෙන්ම ආහාර, සංගීතය හා විනෝදාස්වාද   ස්වරූප සිඝ‍්‍රයෙන් පැතිර යාමට ඉවහල් වී ඇත. ඇඳුම්පැළඳුම් සිදුකරන්නේ,  ළමුන් හදා වඩා ගන්නේ, මුදල් උපයන්නේ, සතුට හඹායන්නේ කෙලෙසද මෙන්ම විවාහය සිදුකන්නේ, ඉවුම් පිහුම්කන්නේ සහ සම්බෝගයෙහි යෙදෙන්නේ කෙලෙසද යන්න  පොත් සඟරා ගුවන්විදුලිය සහ රූපවාහිනිය මගින් අපට විස්තර කර දෙනු ලැබේ. එපමණක් නොව ඒවා සාරධර්ම හා අගයන්,   අභිලාෂයන් සහ ප‍්‍රමුඛතාවයන් ද ව්‍යංගයෙන් ප‍්‍රවර්ධනය කරයි. එසේ කරන්නේ ළමුන්, දෙමාපියන්, ගුරුවරුන්, දේපාලනඥයන් සහ මලල කී‍්‍රඩකයන් වැනි පුද්ගලයන්ගේ චර්යාවන් නිරූපනය කරන ආකාරයෙන් සහ ප‍්‍රචණ්ඩත්වය, ලිංගිකකාරණා, සුළු ජන කොටස්, පුරුෂයන්ගේ සහ ස්තී‍්‍රන්ගේ කාර්යභාරයන් සහ නීති ගරුක බව කෙරෙහි ඒවා දක්වන ආකල්ප මගිනි.

ලිපියේ මුල් කොටස මෙතැන ක්ලික්කර  කියවන්න.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  HUMAN SOCIETY නම්  7 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.

අද ලිපිය 7 වෙනි පරිචේදයෙහි CULTURAL EFFECTS ON BEHAVIOR යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.