අපේ චන්ද්‍රයා කලින් අදහස් කළාට වඩා වසර මිලියන 85ක් තරුණයි
දැන් පෙණී යන අන්දමට අපේ චන්ද්‍රයා, විද්‍යාඥයන් කලින් කල්පනා කළ අන්දමට වඩා මදක් තරුණයි — හරියටම කියනවා නම් වසර මිලියන 85ක් පමණ තරුණයි.
[චන්ද්‍රයාගේ සම්භවය පිළිබඳව thathu.com ගෙන ආ පෙර ලිපි දෙකක් කියවන්න]
චන්ද්‍රයාගේ සම්භවය පිළිබඳ නව මතයක් මෙතැනින් කියවන්න
චන්ද්‍රයා සෑදුණු අන්දම ගැන අළුත් මතයක් මෙතැනින් කියවන්න
ජර්මනියේ, ජර්මානු ගගනවකාශ මධ්‍යස්තානයේ පර්යේෂකයන් සිදු කළ නව අධ්‍යනයක දී හෙළි වූයේ අපේ චන්ද්‍රයා සතුව කලක් දැවැන්ත, ප්‍රචණ්ඩ මැග්මා(ලෝදිය) සාගරයක් තිබුණා පමණක් නොව අපේ මේ පාෂාණමය චන්ද්‍රිකාව බිහිව ඇත්තේ කලින් සිතා සිටියාට වඩා පසු කලෙක බවයි. ප්‍රමාණයෙන් අගහරු ග්‍රහයා තරම් වන මූලගහයෙකු(protoplanet) දැනට වසර බිලියන ගණනකට පෙර එවකට ළපටි වියේ පසුවූ පෘථිවිය සමග ඝට්ටනය වී, එහි ප්‍රතිඵලයක් ලෙස හටගත් සුන්බුන් හා කොස්මික් ‘ලටපට’ මධ්‍යයේ නව පාෂාණමය වස්තුවක් බිහිවිය — ඒ තමයි අපේ චන්ද්‍රයා.
අපේ චන්ද්‍රයා බිහිවූයේ ඝට්ටනයකින් බව මෙම දෘෂ්ටි කල්පනය පෙන්නුම් කරයි. මෙය සිදුවූයේ පෙර සිතා සිටියාට වඩා සාපේක්ෂව මෑත කාලයක බව නව අධ්‍යයනයක් දක්වයි
මේ නව අධ්‍යනයේ දී පර්යේෂකයෝ චන්ද්‍රයා බිහිවීමේ කාල රේඛාව යළි සකසා බැලීමට සමත් වූහ. චන්ද්‍රයා බිහිවීමට තුඩු දුන් එම ‘ඝට්ටනය’ සිදුවූයේ වසර බිලියන 4.51 කට පෙර දී යයි විද්‍යාඥයන් කලින් කල්පනා කළ ද නව සොයාගැනීම් අනුව එම කාලය නියම කරන්නේ වසර බිලියන 4.425 ට පෙර ලෙසය.
චන්ද්‍රයා ගේ වයස නිර්ණය කිරීමේ දී ඇතිවී තිබෙන මේ වසර මිලියන 85ක අඩුවේ දෝෂය තීරණය කිරීම පිණිස පර්යේෂකයෝ කාලය ගෙවී යත්ම චන්ද්‍රයාගේ සංයුතියෙහි ඇතිවූ වෙනස් කම් ගැන ගණිතමය ආකෘති යොදාගෙන ගණනය කරමින් සොයා බැලූහ. පෙර කාලයක දී චන්ද්‍රයා, දැවැන්ත මැග්මා සාගරයක් දරා සිටියේය යන අදහස පාදක කරගනිමින් මැග්මා සිසිල්ව ඝනීකරණයවෙද්දී සෑදුණු ඛනිජ කාලය ගෙවී යාමත් සමග වෙනස් වූ ආකාරය මෙහි දී සැලකිල්ලට ගැනිණ. (සඳ මත තිබූ) මැග්මා සාගරයේ කාල රේඛාව අනුව සොයා බලමින් ආපස්සට බලද්දී චන්ද්‍රයා සෑදීමේ අවස්ථාව වෙත ළඟා වීමට පර්යේෂකයෝ සමත් වූහ.
Moon’s magma oceon
“චන්ද්‍රයාගේ පාෂාණවල සොයා මැන බලන ලද සංයුතියෙහි සහ අපගේ (පරිගණක)ආකෘතිය මගින් පුරෝකතනය කරන ලද (මැග්මා) සාගරයෙහි සංයුතිය සමග සංසන්දනය කිරීමෙන් (මැග්මා) සාගරයේ පරිණාමය ඔස්සේ ආපසු එහි මූලාරම්භය දක්වා යාමෙන් අපට චන්ද්‍රයා සෑදුණු අවස්තාව හොයාගන්න පුළුවන් වුණා” යයි අධ්‍යයනයේ ප්‍රධාන කතෘ, ජර්මානු ගගන අවකාශ මධ්‍යස්ථානයේ සැබ්රීනා ෂිවින්ගර් කියා සිටියි.
චන්ද්‍රයා සෑදුනේ මෙයට වසර බිලියන 4.425 කට(වසර මිලියන 25ක් අඩු හෝ වැඩි වුණත්) පෙර බව දැක්වෙන මෙම සොයාගැනීම් , පෘථිවියෙහි ලෝහක හරය(metallic core) සෑදුණු අවධිය සමග චන්ද්‍රයා බිහිවූ අවස්ථාව හා එකට තබා පෙළ ගැස්වු පුර්ව පර්යේෂණ සමග ගැලපෙන බව පර්යේෂකයන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
“පෘථිවිය සෑදීමේ අවසන භාගයේ දී සිදුවූ සිද්ධියක්, එනම (ලෝහක) හරය සෑදීමේ අවස්ථාව සමග කෙළින්ම ඈඳමින් චන්ද්‍රයාගේ වයස සලකා බැලූණු ප්‍රථම අවස්ථාව මෙයයි” යනුවෙන් ජර්මනියේ මන්ස්ටර් විශ්වවිද්‍යාලයේ ග්‍රහලෝක විද්‍යා මහාචාර්ය තෝස්ටන් ක්ලෙයින් කියයි.
මෙම නව අධ්‍යනයේ ප්‍රතිඵල ජූලි 10 දා Science Advances සඟරාවෙහි විස්තරාත්මකව පළකර තිබිණ.
Space com හී පළව ඇති The moon is 85 million years younger than previously thought යන ලිපිය ඇසුරෙනි